අද පාසල්වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණිම සතුටුදායක මට්ටමක.....(වීඩියෝ)

ඔක් 21, 2021
  • සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණා.

    දරුවන් උද්‍යෝගයෙන් යුතුව පාසල්වලට පැමිණ ඇතැයි, අප වාර්තාකරුවන් පවසනවා. කොවිඩ් වසංගතයත් සමඟ පාසල් වසා දැමුණු අතර, සිසු දරුවන් තම අධ්‍යාපනය සිදු කරනු ලැබුවේ, ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ. විදුහල්පති-ගුරු වර්ජනය හේතුවෙන් ඊට ද බාධා එල්ල වුණා. දරුවන් 200ට නොවැඩි පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු අද සිට ආරම්භ කිරීමට රජය පසුගියදා තීරණය කළා. ඒ, දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබාදීම සඳහායි. පසුගිය අප්‍රේල් මාසයෙන් පසු පාසල් විවෘත වන පළමු අවස්ථාව ද මෙයයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 ඔක්තෝබර් 2021 20:36

    Latest News