මෙරට පළමුවරට සය නිවුන් දරු උපතක්...

ඔක් 21, 2021

    මෙරට පළමු සය නිවුන් දරු උපත කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම සිදුවුණා.

    එහිදී උපත ලබා ඇත්තේ, ගැහැණු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙක්. දරුවන් සුවෙන් පසුවන බවයි, වෛද්‍යවරුන් පවසන්නේ. මෙම සය නිවුන් දරු උපත මෙරට වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සන්දිස්ථානයක් ද වනවා.  දරුවන්ගේ මව දිළිණි වාසනා වන අතර, පියා ප්‍රභාත් උදයංගයි. සය නිවුන් දරු උපත සිදු කළේ, මහාචාර්ය ටිරාන් ඩයස් මහතා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකගේ සහයෝගයෙන්.

    6ChildBirth 900px 21 10 17

    විනාඩි 2 ක් ඇතුළත එම දරුවන් මෙලොව එළිය දුටුවා. උපදින දරුවන් සති 31 වැනි කාලයකදී බිහිකිරීම වෛද්‍යවරුන්ට ප්‍රභල අභියෝගයක් වුණා. දරුවන්ගේ අනු රූ යොදාගෙන මීට පෙර දරු ප්‍රසූතියේ පෙරහුරුවක් ද සිදුකර ඇත. අද අලුයම 12.16, සහ 12.18 ට දරුවන් නීරෝගීව සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටුවා. මෙම මව සහ පියා වවුනියාවේ සිට කොළඹට පැමිණ ඇති අතර ඔවුන් දැනට පදිංචිව සිටින්නේ අයි.ඩී.එච්. ප්‍රදේශයේයි. පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන අතර මව රැකියාවක නිරත වන්නේ නැහැ.

    Latest News