NAITA වෘත්තීය සුදුසුකම් සහතික පත්‍ර ප්‍රදානය අද (14) හම්බන්තොටදී...

ඔක් 14, 2021

    රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලාව හැදෑරූ ශිල්පීන් සඳහා ප්‍රථම වරට ජාතික වෘත්තීය සුදුසුකම් සහතික හෙවත් NVQ-4 සහතිකපත් ප්‍රදානය අද සිදු කෙරුණා.

    ඒ, RPL ක්‍රමය යටතේ. පාඨමාලා සංවිධානය කළේ, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියයි.  උත්සව අද පැවැත්වුණේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී.

    රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙනුවෙන් මෙම NVQ-4 RPL සහතික පිරිනමනු ලබනවා. රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 ඔක්තෝබර් 2021 18:47

    Latest News