අනුරාධපුර ඓතිහාසික පූජා නගරය දුම්වැටිවලින් තොර කලාපයක් බවට පත්කෙරේ...

ඔක් 14, 2021

    අනුරාධපුර ඓතිහාසික පූජා නගරය දුම්වැටිවලින් තොර කලාපයක් බවට පත්කිරීම අද ආරම්භ කෙරුණා.

    ඒ, අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස සහ රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුර මහනගර සභාව සහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය එක්ව එය ක්‍රියාත්මක කරනවා.

    වැඩසටහන ආරම්භ කෙරුනේ ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන්ගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි. රුවන්වැලි සෑය පූජා භූමි ප්‍රදේශයේ මල් වෙළඳාමේ නියුතු පුද්ගලයින් දැනුවත් කිරීම සහ දුම්වැටි හා මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රදේශයක් බවට සඳහන් ස්ටිකර් ප්‍රදර්ශනය ද ආරම්භ කෙරුණා.

    Latest News