අනවසරයෙන් මසුන් මැරූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදා බාරයට

ඔක් 14, 2021

    ශ්‍රී ලංකාවට අයත් මුහුද සීමාවේ අනවසරයෙන් මසුන් මැරීමේ නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.

    එහි සිටි ධීවරයින් 23 දෙනෙකු ද අත්අඩංගුවට ගත්  බවයි නාවික හමුදාව පවසන්නේ.  පේදුරුතුඩුව සහ වෙත්තලයිකේනි ප්‍රදේශයට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම යාත්‍රා දෙක සිය බාරයට ගත් බවයි, නාවික හමුදාව පවසන්නේ. එම යාත්‍රාවල  තිබූ නීතිවිරෝධී බොටම් ත්‍රෝලින් ධීවර ආම්පන්න සහ මසුන් තොගයක් ද සොයාගෙන තිබෙනවා.

    එම ධීවර යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ  රඳවාගෙන ඇත. මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩපැවැත්වීමට මුර සංචාර සහ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව නාවික හමුදාව පවසනවා. ඒ දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම සැලකිල්ලට ගෙනයි.

    Latest News