“වෙස්සගිරි“ හෙට (14) රාත්‍රී 7.00ට ජාතික රූපවාහිනියෙන්....(වීඩියෝ)

ඔක් 13, 2021
  • අලි මිනිස් ගැටුමට මුහුණ දෙන ග්‍රාමීය ජන ජිවිතය අළලා සැකසුණු “වෙස්සගිරි“ රූපවාහිනී ගවේෂණාත්මක වැඩසටහන හෙට රාත්‍රී 7.00ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

    අලි-මිනිස් ගැටුමට විසඳුම් ලබාදීමේ “ග්‍රාමීය අලි වැට“ සංකල්පය යටතේ ක්‍රියාත්මක නව වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම එහි අරමුණයි. “එස්කෑම්ප්“ හෙවත් පරිසර පද්ධති සංරක්‍ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තිරසර අනාගතය උදෙසා රජයට සහය වීමේ අරමුණින් ක්‍රියාත්මක වැඩපිළිවෙළක්. මෙය ක්‍රියාවට නංවන්නේ වනජීවි සංරක්‍ෂණ අමාත්‍යාංශයයි.

    තෝරාගත් පරිසර පද්ධති රැසක සංරක්‍ෂණ හා කළමනාකරණ කටයුතු මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකයි. අලි-මිනිස් ගැටුමට විසඳුම් ලබාදීමේදී නිසි භූ දර්ශන කළමනාකරණය සහ වනාන්තර ආශ්‍රිත ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය ද සිදු කෙරේ.

    මේ වනවිට ප්‍රබල ගැටලුවක්ව පවතින අලි-මිනිස් ගැටලුවට තිරසර විසඳුම් මෙමගින් ලබාදී ඇති අතර, ඊට මුහුණ දුන් ජනතාවගෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරද ලැබෙමින් පවතිනවා.

    Last modified on බදාදා, 13 ඔක්තෝබර් 2021 19:35

    Latest News