ලොවක් වසඟ කළ “මැණිකේ“ මව්බිමට....(වීඩියෝ)

ඔක් 13, 2021
  • “මැණිකේ මගේ හිතේ“ ගීතය ගායනා කරමින් ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටින යොවුන් ගායන ශිල්පිනී හොයානි ද සිල්වා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා.

    ඒ, ඉන්දියාවේ පැවති අති සාර්ථක සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගි වීමෙන් පසුවයි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඇය ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. එය සංවිධාන කළේ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි. තම ගීතවලට ඉන්දියානු ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර බෙහෙවින් අගය කරන බව ඇය ප්‍රකාශ කළා.

    Last modified on බදාදා, 13 ඔක්තෝබර් 2021 17:00

    Latest News