ඉන්දීය යුද හමුදා ප්‍රධානීයා අද ජනපති හා අගමැති හමුවෙයි

ඔක් 13, 2021

    දින 5 නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දිය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් එම්.එම්.නාරාවනේ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට නියමිතයි.

    ඔහු බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමට නියමිත බවයි,හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ.

    ඉන්දිය යුද හමුදා ප්‍රධානියා අද දිනයේ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ද හමුවීමට නියමිතව ඇත. 

    Latest News