Update : ගෑස් මිල වැඩි කෙරේ; වැඩි වූ මිලෙහි තවත් සංශෝධනයක්

ඔක් 11, 2021

    ලිට්‍රෝ සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

    ඒ අනුව, කිලෝ 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ. එහි නව මිල වන්නේ රුපියල් 2,750කි.

    එසේම කිලෝ 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

    ඒ අනුව, කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝ 2.5 ක සිලින්ඩරයක් රුපියල් 520ක් වේ.

    ලිට්‍රෝ ගෑස් වෙබ් අඩවියට අනුව නව මිල දර්ශකය පහතින්.......

     ltro-new-price-list-2.jpg

    එමෙන්ම ලාෆ් ගෑස් සමාගම සඳහන් කළේ සිය නව මිල ගණන් අද දිනයේ දැනුම් දෙන බවයි.

    ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලද, මේ වන විට ඉහල දමා ඇති ලිට්‍රෝ ගෑස් මිලට ආසන්න මුදලකින් ඉහල යනු ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව දැනට වාර්තා වන අන්දමට ලාෆ් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ යනු ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වනු ඇත.

    එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ යනු ඇති අතර එහි නව මිල රුපියල් 1,136 වනු ඇත.

    නමුත් තවමත් පාරි‌භෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වෙබ් පිටිවේ දැක්වෙන්නේ පෙර පැවති මිල ගණන් වේ.

    Consumer-gas.jpg

     

    Update : 

    ඊයේ (10) රාත්‍රියේ දී ඉහළ දැමු ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදුකිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 75කින් ද, කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රු. 30 කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 14කින් අඩු කොට ඇත.

    ඒ අනුව නව මිල ගණන වන්නේ :

    කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රු.2675කි

    කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු. 1071කි

    කිලෝග්‍රෑම් 2.3 බර ගෑස් සිලින්ඩරයක මිල රු. 506කි


    price-list-3.jpg

     

     

    Last modified on සදුදා, 11 ඔක්තෝබර් 2021 15:57

    Latest News