කිංසි පාර - කේරි දැන් එක තීරුවයි

පෙබ 18, 2019

    ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා අද (18) පෙරවරු 7.00 සිට 8.00 දක්වා කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිසාවකට පමණක් වාහන ධාවනය කිරීමේ විශේෂ රථවාහන සැලසුමක් කි‍්‍රයාක්මත බව පොලිස් මූලස්ථානය පවසයි.

    කිංසි පාර රීජන් හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා ගමන් ගන්නා වාහන මරදාන, බොරැල්ල පාර දෙසට හෝ කිංසි පෙදෙස හරහා වෝඞ් පෙදෙස දෙසට ගමන් කිරීමට හැකියාව පවතී.

    මෙම විශේෂ රථවහන සැලසුම සතියේ දිනවල කි‍්‍රයාත්මක බවත් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වැඩි ප‍්‍රමාණයක් කොළඹට දෙසට ඇතුළු කිරීමේ අරමුණින් මෙම නව රථවාහන සැලසුම කි‍්‍රයාත්මක කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 10:25

    Latest News