ළමා හදවත් ශල්‍යකර්ම සිදුකිරීම ඉදිරියේදී ඉන්දියාවේ රෝහලකින්

සැප් 28, 2021

    ළමා හදවත් ශල්‍යකර්ම ඉන්දියාවේ කොච්හි පිහිටි අම්රිතා රෝහලෙන් සිදු කිරීමට අදාළ ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

    එම ශල්‍යකර්ම සිදු කිරීම සම්බන්ධයෙන් පවතින තදබදය අඩු කිරීම පිණිස වසර දෙකක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මකයි.

    ඒ සඳහා ආධාර සපයනු ලබන්නේ, ඉන්දියාවේ දිස්ත්‍රික් 3201 ජාත්‍යන්තර රොටරි සමාජය සහ අයිආර්ඩී 3220 බටහිර කොළඹ රොටරි සමාජය විසින්. මෙම රොටරි සමාජ හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි.

    සෑම වසරකම ළමුන් 3,000ක් පමණ මෙරට තුළ හෘද රෝග සහිතව උපදින අතර ඔවුන්ගෙන් 1,500 - 2,000 අතර පිරිසකට ශල්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙයි.

    බොහෝ රෝහල්වලින් මෙවැනි දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට යොමු කරනු ලබන නමුත් එම රෝහලේ පහසුකම් පවතිනුයේ වසරකට ආසන්න වශයෙන් ශල්‍යකර්ම 900ක් සිදු කිරීමට පමණයි.

    එබැවින්, මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින 'Little Heart' ව්‍යාපෘතිය යටතේ ශල්‍යාගාර හා හෘද හදිසි ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගනු ලබන තෙක්, හදෘ ශල්‍යකර්ම සිදුකිරීමට ඇති තදබදය අවම කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මකයි.

    Latest News