"ගරුතලාව" අද (23) සිට ජාතික රූපවාහිනියෙන්....

සැප් 23, 2021

    මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කරන "ගරුතලාව" අධ්‍යාපන වැඩසටහන අද අරම්භ කෙරුණා.

    ඒ, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්.  තෝරාගත් උසස් පෙළ විෂයන් 10 ක පුනරීක්ෂණ පාඩම් මාලාවක් ලෙස ගරුතලාව, ඇසිදිසි, සිප්හල, වැඩසටහන් මාලාව ජාතික රූපවාහිවනිය නිෂ්පාදනය කරයි. මෙම පුනරීක්ෂණ පාඩම් මාලාව මෙහෙයවනු ලබන්නේ, දිවයිනේ ජනප්‍රියතම ගුරු මඩුල්ලක් විසින්. "ගරුතලාව" උසස් පෙළ පුනරීක්ෂණ වැඩටසහන් මාලාව අද (23) සිට සතියේ දිනවල පස්වරු 02.00 සිට 04.00 දක්වා සජීවීව විකාශය කිරීමට ජාතික රූපවාහිනියේ අධ්‍යාපන අංශය කටයුතු කර ඇත.

    එහිදී උසස් පෙළ සිසුන්ට පන්ති කාමරයක සිටිනවා සේ නිවසේ සිට ජාතික රූපවාහිනිය ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සලසා දී තිබේ. එදිනට සිදු කරණ පාඩම්වලට නැගෙන ගැටළු සජීවීව ගුරුවරුන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද සලසා දී ඇත. "ගරුතලාව" සෑම වැඩසටහනක්ම ජාතික පාසල යූටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව ද හිමිවේ. එදිනට සාකච්ඡා කරන පුනරීක්ෂණ පාඩම් මාලාවට අදාළ නිබන්ධනය ජාතික පාසල යූ ටියුබ් නාලිකාව ඔස්සේ බාගත කිරීමේ හැකියාව පවතී. හොඳම දේ දැයේ දරුවන්ට ලබාදෙන ජාතික රූපවාහිනිය මෙවන් ව්‍යසන අවස්ථාවක රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නිබඳ ව කැපවී සිටී.

    Latest News