ජනපති, එ.ජා.ගේ මහා මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අමතයි...(වීඩියෝ)

සැප් 23, 2021
  • සියළුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස සැලකීමෙන් හා ඔවුන්ගේ යාන්ත්‍රණ හා උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා සිටින්නේ සියළු මනුෂ්‍ය වර්ගයාට යහපත් හා තිරසර අනාගතයක් ඇති කිරීම සඳහා සැබෑ සහයෝගීතාවයෙන්, ත්‍යාගශීලීව හොඳ හිත පෙරදැරිව සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් වැඩි කිරීමට එක්වන ලෙසයි.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මේ බව කියා සිටියේය. එතුමා සමුළුව අමතා කතා කළේ ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 9.30ට පමණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 සැප්තැම්බර් 2021 19:58

    Latest News