ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් කළුතරින්

සැප් 23, 2021

    ඊයේ දිනයේ මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයන් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව සඳහන් වෙයි.



    ඒ අනුව කළුතරින් ආසාදිතයින් – 183 ක්,කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 135 ක් , ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් – 123 ක්, ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

    අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

    මේ අතර හඳුනාගත් ආසාදිතයින් අතරින් පිටරට සිටි පැමිණි පුද්ගලයින් 21 දෙනෙකු ද නව ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ය.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව ද සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 508,672 ක් දක්වා ඉහළ යන බවයි.

    Latest News