දරුවන්ට එන්නත් ලබාදීම ගැන පැහැදිලි කිරීමක්

සැප් 22, 2021

    දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදෙන්නේ දැනට නිකුත් වී ඇති වෛද්‍ය විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

    දරුවන්ට එන්නත්කරණය සිදු කිරීමේදී දරුවන්ට එන්නත්කරණය කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරුන් විසින් දෙමාපියන්ට සහ සමාජයටත් පැහැදිලි කිරීමෙන් පසු සියලුදෙනාගේම අවබෝධයෙන් යුක්තව එන්නත්කරණය සිදු කරන බවයි, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.

    ඒ අනූව ලබාදී ඇති උපදෙස් අනුව අවශ්‍ය කරන සියලුම එන්නත් මේ වන විට සූදානම් කර ඇති බවයි, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    Latest News