වීරකැටිය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

සැප් 22, 2021

    වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී 14 හැවිරිදි දරුවෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකරුවන් දෙදෙනා රක්ෂිත කැලෑබද ප්‍රදේශයක සැඟව සිටියදී ඊයේ (21) රාත්‍රීයේ වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

    ඝාතනයට යොදාගත් ගිණි අවිය සහ තවත් ගිණි අවියක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ.

    සැකකරුවන් අද (22) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News