නිරෝධායන නීති කැඩූ 509ක් අත්අඩංගුවට

සැප් 21, 2021

    නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 509 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

    ඒ, ඊයේ (20) උදෑසන 6.00 සිට අද (21) උදෑසන 6.00 දක්වා කළ මෙහෙයුම්වලදී ය. එම කාලය තුළ වාහන 25 ක්ද, පොලිස් භාරයට ගෙන තිබේ.

    නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 76,145කි.

    මේ අතර නිසි අවසරයක් නොමැතිව මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 357 දෙනෙකු හා වාහන 190 ක්ද ආපසු හරවා යැවූ බව පොලීසය සඳහන් කළේ ය.

    Latest News