ලබන ඉරිදා වනවිට එන්නත් නොලැබුණු සියලු ප්‍රදේශවලට එන්නත්

සැප් 07, 2021

    ලබන ඉරිදා වන විට එන්නත් නොලැබුණු සියලු ප්‍රදේශවලට එන්නත් ලබාදීමට හැකි වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    ඒ අනූව අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීමට හැකියාව ලැබෙන බවයි අද පාර්ලිමේන්තුවේ දී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ.
    මේ අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත දෙවැනි වර කියවීම සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.

    Latest News