නව ජනමාධ්‍ය ඇමති රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

අගෝ 17, 2021

    ජනමාධ්‍ය අමාත්‍යධුරයේ ඊයේ දිවුරුම් දී වැඩ භාරගත් ඩලස් අලහප්පෙරුම මහතා අද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවිය.

    රාජ්‍ය මාධ්‍ය ආයතනවල වත්මන් ක්‍රියාකාරීත්වය,ප්‍රගතිය,මූල්‍ය තත්වය සහ ගැටලු විමර්ශනය කළ අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන රජයේ සංවර්ධනය පණිවිඩය සාර්ථක ලෙස ජනගත කිරීමටත් යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැගීමටත් ක්‍රියාකළ යුතු බව කියා සිටියේය.

    රාජ්‍ය මාධ්‍ය ආයතන ඔස්සේ පෞද්ගලික ප්‍රතිරූප ප්‍රවර්ධනය මම බලාපොරොත්තු වන්නේ නැහැ. මගේ අපේක්ෂාව ජනමාධ්‍ය ආයතන ඒවායේ සේවය කරන අයටත් රටටත් වැඩදායක කාර්යභාරයක් ඉටු කරනු දැකීම අමාත්‍යවරයා පැවසීය.

    ලබන සතියේ සිට එක් එක් රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලධාරීන් වෙනම හමුවී ඉදිරි වැඩ සැලසුම් කිරීමට අපේක්ෂා කරන බව ද අලහප්පෙරුම මහතා කීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීහුද සාකච්ජාවට එක්ව සිටියේය.

    Latest News