කොරෝනා ප්‍රභවය සොයා ගැනීම ගැන චීනයේ මතය

අගෝ 17, 2021

    'කොවිඩ් 19' වෛරස ප්‍රභවය සොයා ගැනීමේ දී එහි පළමු අදියරේ පර්යේෂණ පදනම කර ගනිමින් චීන - ලෝක සෞඛ්‍ය සංවිධාන ඒකාබද්ධ පර්යේෂණ වාර්තාවේ සඳහන් වන නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව චීනය පවසයි.

    චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුන් යිං මහත්මිය ඊයේ (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

    කොරෝනා වෛරස ප්‍රභවය සොයා ගැනීමේදී විද්‍යාත්මක පදනම් මත ක්‍රියාකළ යුතු අතර, අනෝන්‍ය වශයෙන් චෝදනා කිරීමේ හෝ දේශපාලන පහර දීමේ උපකරණයක් බවට එය පත් නොවිය යුතුය යන්න චීනයේ මතයයි.

    මෙවැනි අදහස් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක්‍රියාවට නැංවිය යුතු බව ඇය පෙන්වා දුන්නාය. 

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේකම් කාර්යාලය පසුගිය 12 වැනි දින නිකුත් කළ මීළඟ අදියරේ 'කොවිඩ් 19' වෛරස ප්‍රභවය සොයා ගැනීම පිළිබඳ ප්‍රකාශනය කෙරෙහි අවධානය යොමු කරමින් චීනය මේ බව අවධාරණය කර තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහෙයවනු ලබන්නේ සාමාජික රටවල් විසින් බැවින්, මීළඟ අදියරේ 'කොවිඩ් 19' වෛරස ප්‍රභවය සොයා ගැනීමේ කටයුතු සාමාජික රටවල් විසින් මෙහෙයවිය යුතු බව හුවා චුන් යිං මහත්මිය පෙන්වා දුන්නාය.

    Last modified on අඟහරුවාදා, 17 අගෝස්තු 2021 16:36

    Latest News