ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ 38ක් අත්අඩංගුවට

අගෝ 04, 2021

    ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය අසළ නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු 38 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් පිරිස සමග වාහන 10ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති කිහිපයක් ඔස්සේ රථ පෙළපාලියකින් අද කොළඹට පැමිණ තිබුණි.

    රථ පෙළපාළිවලින් ජනාධිපති කාර්යාලය අසළට පැමිණි පිරිස පැයකට ආසන්න කාලයක් ජනාධිපති කාර්යාලය අසළ විරෝධතාවක නිරත වූ අතර ඒ හේතුවෙන් ගාලු පාරේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිව තිබූ බවයි, අප වාර්තාකරු පැවසුවේ.

     

    Last modified on බදාදා, 04 අගෝස්තු 2021 18:16

    Latest News