කොවිඩ් එන්නත ලබාගත් සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

අගෝ 04, 2021

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ දී කොවිඩ් එන්නත ලබාගෙන තිබේ.

    තමන්ට කොවිඩ් ආසාදනය වී සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගත් බවයි විපක්ෂ නායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ.

    එන්නත ලබාගැනීමට අපොහොසත් වුවහොත්, නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත්, එය මාරාන්තික විය හැකි බවත්, වෛද්‍යවරුන් තමන්ට තරයේ අවවාද කළ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ.

    තමන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව වෛද්‍යවරුන්ගේ නියමයට එකග වූ බව ද විපක්ෂ නායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් සටහන් කර තිබේ.

    Sajith FB 900px 21 08 04

    Last modified on බදාදා, 04 අගෝස්තු 2021 15:07

    Latest News