ඉෂාලිනී දැරියගේ දේහය පිළිබඳ 2වැනි පශ්චාද් පරීක්ෂණයත්

ජූලි 31, 2021

    රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී මියගිය ඉෂාලිනී දැරියගේ දේහය පිළිබඳ දෙවැනි පශ්චාද් මරණ පරීක්ෂණය මේ වන විට සිදු කෙරෙන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

    එය අද අවසන් කිරීමට නියමිතයි. මේ අතර මියගිය දැරියට සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් මේ දිනවල වතුකරයේ උද්ඝෝෂණ පැවැත්වෙයි.

    හැටන් දික්ඔය වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට වතු කම්කරුවන් පිරිසක් අද උදේ උද්ඝෝෂණයක නිරත විය. ඔවුන් ඉල්ලා සිටින්නේ, අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ට උපරිම දඩුවම් ලබා දෙන ලෙසයි.

    මියගිය දැරිය සිහි කරමින් ඉටි පහන් ද මෙහිදී දල්වනු ලැබීය.

    Latest News