වී මිලදී ගැනීමට උතුරු පළාතේ මධ්‍යස්ථාන 12ක්

ජූලි 31, 2021

    රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ යල කන්නයේ වී මිලදි ගැනීම සඳහා උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 කදී වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.

    වව්නියාව ප්‍රදේශයේ මධ්‍යස්ථාන 4 ක් මුලතිව් හි මධ්‍යස්ථාන 3 ක් මන්නාරමෙහි මධ්‍යස්ථාන 2 ක් සහ කිලිනොච්චියේ මධ්‍යස්ථාන 3 ක් මෙලෙස විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ .

    ඒ අනූව නාඩු කිලෝවක් රුපියල් 50 කට, සම්බා කිලෝවක් රුපියල් 52 සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 55 කට මිලදී ගැනීමට රජය කටයුතු කර ඇත.

    එක් වී කිලෝවක් සදහා රුපියල් 1.50 ක ප්‍රවාහන දීමනාවක් ලබා දීමටයි කටයුතු කර තිබේ.

    Latest News