දෙවැනි දිනටත් දෛනික එන්නත්කරණය පන් ලක්ෂය පසුකරයි

ජූලි 31, 2021

    මෙරට දෙවන දිනටත් පුද්ගලයින් 500,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ඊයේ (30) සිදුකර තිබේ.

    ඒ අනූව ඊයේ දිනයේ දී කොවිඩ් එන්නත් මාත්‍රා 513,741ක් ඊයේ දිනය තුළ මෙරට ජනතාවට ලබාදුන් බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ හාර ලක්ෂ 42,523 දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස හැට හය දහස් 219ක්.  ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 4999 දෙනෙකුට ඊයේ ලබා දී තිබේ. 

    ඉකුත් දින 7 තුළ පමණක් මෙරට ජනතාවට එන්නත් මාත්‍රා විසි නව ලක්ෂ 98,210ක් ලබා දී තිබේ.  මේ වන විට ලබාදී තිබේ.  මේ වන විට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය එක්කෝටි දාහත් ලක්ෂ 68,810ක්. 

    මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස සියයට 79.82ක් දක්වා ඉහළ ගොස් තිබේ.  වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබාදී ඇත්තේ බස්නාහිර පළාත තුළයි.  එය සියයට 87.88ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 93.77කට සහ කළුතර දිස්ත්‍රික්කයේ සියයට 86.35කට,කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 82.94කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී තිබේ.  

    දිස්ත්‍රික්ක අතුරින්,වැඩිම එන්නත් මාත්‍රා ප්‍රතිශතයක් ලබාදී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයටයි.  එය සියයට 102.03ක්.

    මහනුවර දිස්ත්‍රික්කයේ සියයට 97.84කටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 80.72කටත් මාතර දිස්ත්‍රික්කයේ සියයට 86.46කටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 91.78කටත්, මන්නාරම දිස්ත්‍රික්කයේ සියයට 80.12කටත් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී අවසන්. 

     



    Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 10:31

    Latest News