නව නිවාස 12ක් ජනතා අයිතියට

ජූලි 30, 2021

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැබිතිගොල්ලෑව-කණුගහවැව ආදර්ශ ගම්මානයේ ඉදි කළ නව නිවාස 12ක් හා කණුගහවැව විද්‍යාලයේ නව කාර්යාල ගොඩනැගිල්ල ඊයේ ජනතා අයිතියට පත් කෙරිණ.

    "ගම සමඟ පිළිසඳර" සිව්වැනි වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජනතාවට දුන් පොරොන්දුවක් අනුවයි, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ. පළමු අදියර යටතේ ඉදි කෙරුනු නිවාස 13ක් මීට පෙර ජනතා අයිතියට පත් කරනු ලැබීය. වැඩසටහනේ දෙවැනි අදියර යටතේ ගම්මානයේ ඉදිකරන ලද නිවාස 12ක් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණේ, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන්.

    කණුගහවැව, අභිනවාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ද ප්‍රතිසංස්කරණය කර තිබේ. නිවාස ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ සිදු කෙරුණේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීවයි.

    පාසල් සිසුන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ද ප්‍රදානය කෙරිණ. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ ෂෙහාන් සේමසිංහ, අනුරාධ ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරු ද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News