ඉෂාලිනී දැරියගේ දේහය පේරාදෙණිය ශික්‍ෂණ රෝහල වෙත......

ජූලි 30, 2021

    රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය අද (30) පෙරවරුවේ යළි ගොඩ ගැණින.

    අනතුරුව, එය පොලිස් ආරක්‍ෂාව යටතේ පේරාදෙණිය ශික්‍ෂණ රෝහල වෙත රැගෙන යනු ලැබීය. ඒ දෙවැනි පශ්චාද් මරණ පරීක්‍ෂණය සඳහායි. හැටන්, ඩයගම වත්තේ තපොදු සුසාන භූමියේමිහිදන් කර තිබූ දේහය නුවරඑළිය, මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මියගේ සහ ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ උදේ 8.30ට පමණ ගොඩ ගැනීම ආරම්භ කෙරිණ.

    ඒ, නිරෝධායන සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලවයි. සිරුර තැන්පත් කර තිබූ මංජුසාව ගොඩ ගැනීමෙන් අනතුරුව, එය විවෘත කිරීමට ප්‍රථම මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඉෂාලිනීගේ ඡානීන්ගෙන් විමසා සිටියේ දේහය හඳුනා ගැනීම සඳහා පෙට්ටිය විවෘත කිරීම සම්බන්ධව විරෝධතාවක් තිබේද යන්නයි. ඥාතීන් කියා සිටියේ, ඊට විරෝධයක් නොමැති බවයි. ඉන්පසු මංජුසාව විවෘත කෙරිණ.

    දෙවැනි පශ්චාද් මරණ පරීක්‍ෂණය හා විමර්ශනය ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වීමට නියමිතයි.

    Latest News