කෝටි 40 ක මත්ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරගමින් සොයා ගැනේ

ජූලි 30, 2021

    ලද තොරතුරකට අනුව බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේ දී අද (30) අලුයම සිදු කරන ලද වැටලීමක දී හෙරොයින් කිලෝග්‍රෑම් 40ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



    කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් මෙම වැටලීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.

    එම මත්ද්‍රව්‍ය ජාවාරම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    මෙලෙස සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 40 ක් පමණ වන බව පොලිසිය ප්‍රකාශ කරයි.

    Latest News