ඊයෙ මෙරටින් කොවිඩ් 19 වැළඳුණු 2370ක්

ජූලි 30, 2021

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 2370 දෙනෙකු ඊයෙ මෙරටින් හඳුනාගැනුනා.

    පූර්ණ සුවය ලැබූ 1641 දෙනෙකු රෝහලෙන් ඊයේ පිටව ගියා. ඉකුත් 28 වැනිදා සිදුවූ කවි 19 පුද්ගල මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා.

    ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා ඉහළගොස් තිබේ.

    එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,641ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 273,496ක් විය.

    සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,324කි.

    Latest News