සැප්තැම්බර් සිට අවුරුදු 12-30ත් පිරිස් සඳහා කොවිඩ් එන්නත....

ජූලි 29, 2021

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සැප්තැම්බර් මාසයේ සිට වයස අවුරුදු 12ත්, 30ත් අතර පිරිස් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පවසයි.

    අවුරුදු 30ට වැඩි සියලු දෙනාට අගොස්තු 31 වැනිදා වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාදී අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්‍ෂා කෙරේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ආරම්භ කරමින් අද (29) පැවති පළමු මාධ්‍ය හමුවේදී මේ කරුණු අනාවරණය කෙරිණ.

    Latest News