මෙරට අවුරුදු 30ට වැඩි 71.58%කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී අවසන්

ජූලි 29, 2021

    කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 10,712,817 මෙරට ජනතාවට ලබා දී තිබෙනවා.

    මේ අතර ඉකුත් දින තුනේ දී පමණක් සයිනෝෆාම් එන්නත් පළමු මාත්‍රාව 1,076,773කට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 344,458 දෙනෙකුට ඊයේ ලබාදී තිබෙනවා.

    මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහනය එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති පිරිස 71.58% දක්වා ඉහළ ගොස් තිබෙනවා .වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දී ඇත්තේ බස්නාහිර පළාත සඳහායි. එය 88.8%ක්. කොළඹ දිස්ත්‍රික්කයේ 83.67%ක් ගම්පහ දිස්ත්‍රික්කයේ 93.25%ක්. කළුතර දිස්ත්‍රික්කයේ 85.67%කට එන්නත තිබෙනවා.

    වැඩිම එන්නත් මාත්‍රා ලබා දී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයටයි එය 99% ක්.

    Latest News