තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් දිවයිනට

ජූලි 22, 2021

    තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට ළඟා වුනා. මෙම එන්නත් තොගය අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින්.

    ශ්‍රී ලංකාව විසින් මිළදී ගත්, චීනයේ නිෂ්පාදිත මෙම සයිනොෆාම් එන්නත් තොගයෙන් පළමු එන්නත් මාත්‍රා ලක්ෂ 10ක ප්‍රමාණය, අද අලුයම 5.15ට පමණ මෙරටට රැගෙන ආවා. ඉන් පසුව මෙම එන්නත් තොගයේ දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක ප්‍රමාණය, කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ අලුයම 5.30ට පමණයි.

    එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 90ට වඩා වැඩි වන බව වාර්තාවේ.

    මීට අමතරව කිලෝ ග්‍රෑම් 386 ක් බරැති ඔක්සිජන් ඇසුරුම් 18 ක් ද රැගෙනවිත් තිබෙන බව වාර්තා‍වේ.

    Latest News