රජයේ සහතික මිලටම වී තොග මිලදී ගැනීමට සියලු සහල් මෝල් හිමියන්ගේ එකඟතාව

ජූලි 21, 2021

    රජයේ සහතික මිලටම වී තොග මිලදී ගැනීමට සියලු සහල් මෝල් හිමියන් එකඟතාව පළකර තිබේ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහල් මෝල් හිමියන් සමඟ අද (21) පැවති සාකච්ජාවකදී මේ එකඟතාව පළවිය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සාකච්ජාව පැවැත්විණ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා බලයට පත්වීමෙන් පසු වී සඳහා වූ රජයේ සහතික මිල ඉහළ දැමීමට පියවර ගැණින.

    අස්වනු නෙළන මේ කන්නයේ සිට නාඩු සහ කැකුළු වී කිලෝවක් රුපියල් 50කට, සම්බා වී කිලෝවක් රුපියල් 52කට, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55කට සහ තෙත වී කිලෝවක් රුපියල් 42කට මිලදී ගැනීමට රජය තීරණ්ය කර තිබේ.

    මේ සාකච්ජාවට මහා පරිමාණ, සුළු පරිමාණ හා සමූපකාර අංශයේ සහල් මෝල් හිමියන් සියලු දෙනාම සහභාගි වී සිටි අතර, ඔවුන් රජයේ මිලගණන්වලට සහල් මිලදී ගැනීමට එකඟතාව පළ කළේය.

    වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලාභ ලැබීමේ අරමුණින් ගොවීන් හා වී මෝල් හිමියන් නොවන වෙනත් තෙවන පාර්ශව විසින් සිදු කරනු ලබන වී තොග රැස් කිරීම තහනම් කිරීමටත්, එම අතරමැදි පාර්ශව ලාභ ලැබීමේ පදනමින් වී තොග රැස් කළ හොත් එම තොග සියල්ලම රජයට පවරා ගැනීමට අවශ්‍ය නෛතික විධිවිධාන යොදන බවත් අමාත්‍යවරු අවධාරණය කළේය.

    Latest News