මේ දක්වා එන්නත් මාත්‍රා 78 ලක්ෂ 52,443ක් මෙරට ජනතාවට

ජූලි 21, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා හැත්තෑ අටලක්ෂ 52,443ක් මෙරට ජනතාවට ලබාදී තිබේ.

    එන්නත්කරණ කටයුතු දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි. කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 95,037 දෙනෙකුට ලබාදී තිබේ. එහි දෙවන මාත්‍රාව ඊයේ ලබාගත් පිරිසට 12,655 දෙනෙකු ඇතුළත්. ෆයිසර් එන්නත ඊයේ 18,745 දෙනෙකු ලබාගෙන ඇති අතර මොඩර්නා එන්නත ඊයේ ලබාගත් පිරිසට එක් ලක්ෂ 30,596 දෙනෙකු ඇතුළත්.

    ඉකුත් දින 7 තුළ එන්නත් මාත්‍රා දාහත් ලක්ෂ 75,667ක් ලබාදී තිබේ. ඊයේ ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව දෙලක්ෂ 57,033ක්. ඉකුත් 19 වැනිදා නිකුත් කෙරුණු වාර්තාවන්ට අනූව මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහණයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති පිිරිස 49.35%ක්. වැඩිම පිරිසකට එන්නත් ලබාදී ඇත්තේ බස්නාහිර පළාත තුළයි. එහි එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස සියයට 80.62ක්.

    ගම්පහ දිස්ත්‍රික්කයේ 81.55%කට,කොළඹ දිස්ත්‍රික්කයේ 81.18%කට කළුතර දිස්ත්‍රික්කයේ 77.83%කට, කොළඹ දිස්ත්‍රික්කයේ 81.18%කට සහ කළුතර දිස්ත්‍රික්කයේ 77.83%කට පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබේ. මන්නාරම දිස්ත්‍රික්කයේ 72.17%කට සහ මාතලේ දිස්ත්‍රික්කයේ 61.97%ක පිරිසකට ද පළමු එන්නත් මාත්‍රාව ලබා දී අවසන්.

    Latest News