ඩෙවොන් ඇල්ලේ අතුරුදන්වූ තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම්

ජූලි 21, 2021

    ඩෙවොන් දිය ඇල්ලෙන් පහළට වැටි අතුරුදහන් වූ තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව දිඹුල පොලිසිය පවසයි.

    යුධ හමුදාව , නාවික හමුදාව , නුවරඑලිය පොලිස් කොට්ඨාශ ජිවිත ආරක්ෂක නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව එදින සිට තරුණිය සොයා සොදිසි මෙහෙයුම් දියත් කළ ද මේ දක්වා ඇය සොයා ගැනීමට නොහැකි විය.

    අඩි 297 උස ඇති ඩෙවොන් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහළ මට්ටමක පැවතිම සහ පහළට ඇද හැලෙන සැඩ පහර වැඩි නිසා අතුරුදහන් වු තරුණිය සොයා සිදු කරන මෙහෙයුම් වලට බාධා පැමිණෙන බවයි, දිඹුල පොලිසිය පවසන්නේ.

    අතුරුදහන් වු තලවකැලේ, ලිදුල පදිංචිව සිටි 19 හැවිරිදි මනි පවිත්‍රා නමැති තරුණිය ඉකුත් (18) දින ඇයගේ යෙහෙලියන් තිදෙනෙකු සමග ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට පැමිණ දිය ඇල්ලට ඉහළින් ගල් තලාව මතට බැස ඇයගේ ඡායාරුපයක් ගන්නා ලෙස යෙහෙළියන්ට පවසා ගල් තලාව මත සිටියදි ඇය ලිස්සා ඩෙවොන් දිය ඇල්ලට ගසාගෙන ගොස් අතුරුදහන් විය.

    අතුරුදහන් වු තරුණිය අවසන්වරට යෙහෙලියන් සමග ඇයගේ දුරකථනයෙන් ලබාගත් සෙල්ෆි ඡායාරුප කිහිපයක්ද මෙසේ සටහන් වී තිබුණි.

     

     

    Latest News