නිරෝධායන නීති කැඩූ 207ක් අත්අඩංගුවට

ජූලි 21, 2021

    නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 207 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    ඒ අනූව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 51,387 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසන්නේ, ඔවුන් අතරින් 43000ට අධික පිරිසකට නඩු පවරා ඇති බව 7000 පිරිසකට නඩු පැවරීමට නියමිත බවයි.

    Latest News