ඉකුත් සෙනසුරාදා දිවයින පුරා සිදුකෙරුණු විශේෂ මෙහෙයුමකදී 3009 දෙනෙකු අත්අඩංගුවට

ජූලි 19, 2021

    පොලිස් නිලධාරීන් 14,917 දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් සෙනසුරාදා රාත්‍රී දිවයින පුරා සිදුකෙරුණු විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් 3009 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට 431 දෙනෙකු, වරෙන්තුකරුවන් 645 දෙනෙකු, අපරාධ චෝදනා යටතේ පොලිසියට අවශ්‍යව සිටි 98 දෙනකු හා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 1250 දෙනකු ඒ අතර වනවා. ගිනි අවි ළඟ තබා ගත් 5 දෙනෙකු හා බීමත්ව රිය පැදවූ 580 දෙනකු ද මෙම පිරිසට ඇතුළත්.

    Latest News