අද සිට පැමිණෙන සංචාරකයන්ට සීමාවන් ලිහිවෙයි

ජූලි 17, 2021

    එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන සංචාරකයන් මෙරටදී සිදු කෙරෙන පළමු කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් දින 7ක් තුළ 2 වැනි පරීක්ෂණයක් සිදු කිරීම අද (17) සිට අනවශ්‍ය බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

    මෙලෙස අවසර ලැබෙන්නේ , සංචාරකයින් තහනම් කර නොමැති රටවලින් පැමිණෙන සංචාරකයින් සඳහා පමණයි.

    අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන සංචාරකයින් ඇතුළු පුද්ගලයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ නිකුත් කෙරිණ. එම මාර්ගෝපදේශ අනූව කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගෙන විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්, 07 වැනි දිනයේදී සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණයෙන් නිදහස් කර තිබේ. ඒ අනූව මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පළමු පීසිආර් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු ලෙස තහවුරු නොවන්නේ නම් ඔවුන්ට නිරෝධායනය නොවී බැහැරට යාමේ අවස්ථාව හිමිවනු ඇති.

    මේ අතර විදේශ ගතව සිට පැමිණෙන පුද්ගලයින් ගුවන් යානයට ගොඩවීමට පැය 72 කට පෙර සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ද තහවුරු විය යුතු බවට ද අදාළ මාර්ගෝපදේශ මාලාවේ දක්වා තිබේ.

    Tourasit

    d6a07ec9ee8d410fec3a5fdd258

    Last modified on සෙනසුරාදා, 17 ජූලි 2021 10:54

    Latest News