'සිනොවැක්' එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය

ජූලි 17, 2021

    චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත මෙරටේ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ 16) අනුමැතිය ලබා දුන්නේය.

    ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ, හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති සියලුම එන්නත්වලට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවයි.

    මෙම එන්නත හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට අනුමැතිය ඉල්ලා සෞඛ්‍ය අංශ විසින් ඖෂධ නියාමන අධිකාරියට මෑතකදී අදාළ ලියකියවිලි ඉදිරිපත් කරනු ලැබ තිබිණ.

    Latest News