ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරේ

ජූලි 10, 2021

    දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක හුදකලා බව, අද (10) උදෑසන 6.00 සිට ඉවත් කර තිබේ.

    මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 3 කොටස අද උදෑසන සිට හුදකලා කර ඇති බවයි.

    හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

    පුත්තලම දිස්ත්‍රික්කය

    මාදම්පේ පොලිස් බලප්‍රදේශයේ,
    මරක්කලගම

    ආරච්චිකට්ටුව පොලිස් බලප්‍රදේශයේ,
    කරුක්කුපානේ

    මාතර දිස්ත්‍රික්කය

    වැලිගම පොලිස් බලප්‍රදේශයේ,
    පැලෑන දකුණ

    යාපනය දිස්ත්‍රික්කය

    කරාවැඩි පොලිස් බලප්‍රදේශයේ,
    කරණවායි

    කළුතර දිස්ත්‍රික්කය

    මතුගම පොලිස් බලප්‍රදේශයේ,
    යටදොල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ අඹේතැන්න වත්ත ප්‍රදාන කොටස
    යටදොල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ අබේතැන්න වත්ත ක්ලේ කොටස

    Latest News