ඊයේ කොවිඩ් ආසාදිතයන් 2,131 ක්; වැඩිම පිරිස ගම්පහින්

ජූනි 22, 2021

    ඊයේ දිනයේ මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 2,131 අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

    එම සංඛ්‍යාව 271 ක්. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 229 දෙනෙකු වාර්තාවී ඇති අතර, රත්නපුරයෙන් වාර්තාවී ඇති ආසාදිත සංඛ්‍යාව 208 ක්. තවද මඩකලපුවෙන් 177 දෙනෙකු, පොළොන්නරුවෙන් 144 දෙනෙකු, කළුතරින් 140 දෙනෙකු, පුත්තලමින් 118 දෙනෙකු ඊයේ වාර්තා වී තිබෙනවා.

    ඒ අනුව ගතවු දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 09ක කොවිඩ් -19 ආසාදිතයින් සියය ඉක්මවා තිබේ.

    Latest News