ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ගම්පහින්

ජූනි 17, 2021

    අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,436 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.


    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 16 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු මෙරටට පැමිණි විදේශිකයෙකු වේ.

    ඉතිරි පුද්ගලයින් 2,419 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 561 ක් ලෙසය.

    ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 516 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 156 ක් වාර්තා වේ.

    අනෙක් ආසාදිතයින් 1,186 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ

    Latest News