රනිල් වික්‍රමසිංහගේ නම මැතිවරණ කොමිසමට

ජූනි 16, 2021

    එක්සත් ජාතික පක්ෂයට පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද දැනුම් දී තිබේ.

    පසුගිය වසරේ පැවති මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කළද ඔවුන්ට හිමි වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි.

    එය වසරකට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවතිණ. එම මන්ත්‍රී ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කළ යුතුයැයි, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය දා තීරණය කළේය.

    ෙඒ අනූවයි, රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අද මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත්තේ.

    Last modified on බදාදා, 16 ජූනි 2021 12:31

    Latest News