දිනකදී ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ.....

ජූනි 13, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දිනකදී ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබා දී තිබේ.

    එන්නත් මාත්‍රා එක් ලක්‍ෂ 36,677ක් ඊයේ ලබාදුන් බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 181ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 59,881ක් ලබාගෙන ඇති අතර, එහි දෙවැනි මාත්‍රාව ලබාදෙන ඇති සංඛ්‍යාව 76,615ක්.

    වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා එන්නත් මාත්‍රා 27 ලක්‍ෂ 69,383ක් ලබා දී තිබේ.

    Latest News