හෙරොයින් කි.ග්‍රෑ. 219කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ජූනි 13, 2021

    නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රි කළ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් කි.ග්‍රෑම් 219කට අධික තොගයක් සමඟ සැකකරුවන් 09 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    මෙම බහුදින යාත්‍රාව පසුගියදා කොට්ටේගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙය සිදුකර ඇති බවට සැක කෙරේ. එහි වටිනාකම රු. මි. 1758කට අධික බව නාවික හමුදාව පවසයි.

    සැකකරුවන් අවුරුදු 26 ත් 43 වයසේ පසුවන මාතර සහ පිළියන්දල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇත. නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව විමර්ශන සිදුකරයි.

    Latest News