සහල්, සීනි, කිරි පිටි සහ බඩ ඉරිඟු පිළිබඳ ගැසට් නිවේදන තුනක්.....

ජූනි 12, 2021

    සහල්, සීනි, කිරි පිටි සහ බඩ ඉරිඟු ආනයනකරුවන්, නිෂ්පාදකයින්, ගබඩාකරුවන්, රැස්කරන්නන් හා බෙදාහරින්නන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි වියයුතු බව, රජය අවධාරණය කරයි.

    ඊට අදාළ ගැසට් නිවේදන තුනක් ඊයේ රාත්‍රී නිකුත් කෙරිණ. අදාළ ද්‍රව්‍ය ලියාපදිංචියකින් තොරව ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, රැස්කර තබාගැනීම සහ බෙදාහැරීම තහනම් බව, එම ගැසට් නිවේදනයේ සඳහන්.

    සහල්, සීනි, කිරි පිටි සහ බඩ ඉරිඟු ආනයනකරුවන්, නිෂ්පාදකයින්, ගබඩාකරුවන්, රැස්කරන්නන් හා බෙදාහරින්නන් ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට දින 7ක් තුළ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතුය.

    තම තොග සංචිත පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදිය යුතු බව ද ගැසට් නිවේදනයේ සඳහන්. වී සහ බඩ ඉරිඟු වගාකරුවන්, වගා කළ බිමෙන් ලබාගත් අස්වැන්න ගබඩා කර තබා ගැනීම සම්බන්ධයෙන් එම නීති වලංගු නොවන බව ද, ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    Latest News