ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්....

ජූනි 12, 2021

    වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ධීවර හා නාවික ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    අදාළ මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බව එහි දැක්වේ. එය තවදුරටත් එම ප්‍රදේශයේම වර්ධනය වී බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

    වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත ධීවර හා නාවික ප්‍රජාව මේ ගැන අවධානයෙන් සිටිය යුතු බව කාලගුණ නිවේදනයේ සඳහන්. ඒ සම්බන්ධ ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

    Latest News