ඉන්ධන මිලෙහි සංශෝධනයක්....

ජූනි 12, 2021

    ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රී සිට බල පැවැත්වෙන පරිදි සංශෝධනය කර තිබේ.

    ඒ අනුව, බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති එහි නව මිල ගණන් මෙසේය. 

    පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා තිබේ. එම ලීටරයක නව මිල වන්නේ රුපියල් 157ක්. 

    පෙට්‍රල් 95 වර්ගයේ ලීටරයක් රුපියල් 23කින් වැඩි කරුණු අතර, එම ලීටරයක නව මිල රුපියල් 184ක් වේ.

    ඔටෝ ඩීසල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 7.00කින්. ඒ අනුව, එම ලීටරයක නව මිල රුපියල් 111ක්.

    සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12.00 කින් වැඩි කෙරුණු අතර, එම ලීටරයක නව මිල රුපියල් 144ක් වේ.

    භූමිතෙල් ලීටරයක් රුපියල් 7.00 කින් ඉහළ දමා තිබේ. එම ලීටරයක නව මිල රුපියල් 77ක්.

    Last modified on සෙනසුරාදා, 12 ජූනි 2021 12:32

    Latest News