ස්පුට්නික්-වී තවත් එන්නත් මාත්‍රා 65,000ක් මෙරටට

ජූනි 11, 2021

    ස්පුට්නික්-වී තවත් එන්නත් මාත්‍රා 65,000ක් අද මෙරටට රැගෙන එනු ලැබීය.

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 93,408 දෙනෙකුට ඊයේ එන්නත් ලබාදී තිබේ. ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා 15,000ක් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු මාත්‍රාව ලබාදුන් අය සඳහා දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතයි.

    ඉතිරි එන්නත් මාත්‍රා පන් දහස මහනුවර ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනට යොමු කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසිය. මෙරටට රැගෙන එනු ලැබූ එන්නත් තොගය අද අලුයම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන යනු ලැබීය.

    Latest News