දිවයින පුරා කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය හා සැපයුම ප්‍රවර්ධනය කිරීමට පියවර

ජූනි 11, 2021

    දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයින් හමු වී දිවයින පුරා කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය හා සැපයුම ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් රජය අද ආරම්භ කළේය.

    ඒ පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්. එහි පළමු අදියර අද පැවැත්වුණේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණයේ දී. ඒ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    දැනට දිස්ත්‍රික් මට්ටමින් මධ්‍යම හා කුඩා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන ව්‍යවසායකයින් නඟා සිටුවා ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සාකච්ජාවේ අරමුණයි. ඔවුන්ගේ නිෂ්පාදන ජාතික අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය සැපයීම හා වෙනත් පහසුකම් ලබාදීම මෙන්ම නිෂ්පාදන ජාලයක් සමඟ සම්බන්ධ කිරීම ගැන මෙහිදී මූලික වශයෙන් සාකච්ජා කෙරිණ.

    Latest News